Friday, May 24, 2024

කොච්චයි ....කොච්චා පාරයි ....බඹරයි

 


බඹරාට කෝච්චි පාර එතරම් හුරු නෑ. රත්නපුර පැත්තට කෝච්චිය නුහුරු අත්දැකීමක් නිසා වෙන්නට ඇති ඒ. කොහොමින් කොහොම හරි නාගොල්ලාගම කෝච්චි පාරක් අද්දරට යන්න වාසනාවක් බඹරාට පෑදුණා. 

රත්නපුර ඈයෝ සන්තෝස වෙන්නෙ මැණික් ඉල්ලමක් පෑදුනාම උණත් 

මෙමා නම් කෝච්චි පාරක් දැකීමත් මහා ප්‍රහර්ෂයක්. ....


වාසනාවක්.....


කෝච්චියක යාමත් කෝච්චියක් දිහා බලා සිටීමත් ඒ කෝච්චි සද්දය දුරක සිට අහන් සිටීමත් හරිම ආසාවකින් කරන දෙයක්. . . .


මේ කෝච්චි මැජික් එක කවදාවත් නොපිරෙන ආශාවක් ⁣විදියට ම තියෙන්නයි ඕන.


මගේ හැඹිලි පර්ස් එක අස් කරනකොට ඒකේ තියෙනවා පරණ කෝච්චි ටිකැට් එකක්. ඒ අවිස්සාවේල්ලෙ ඉඳලා ගිය පැරණි ටිකැට් එකක්. මම කවදාවත් ඒ ටිකට් එක අයින් කරන එකක් නැහැ.  

බඹරා ආස කෝච්චි ස්ටේෂන් එකක් තමයි නාගොල්ලාගම. හරිම ලස්සනට තියාගෙන ඉන්න තැනක් තමයි මේ නාගොල්ලාගම ස්ටේෂන් එක. කාස්ටක වෙන කාලෙට වටේම වේලිලා ගියත් ස්ටේෂන් එකේ තියෙන මල් පැල ටික ළමයි වගේ බලා ගන්නවා...




ඉතින් මේ කෝච්චි මායාව එක්ක ලංකාවෙ විවිධ කෝච්චි පාරවල විවිධ ගමන් යොදා ගන්නට බඹරාත් බඹරීත් ලක ලෑස්ති වෙන්නට ඕනෑ...කෝච්චියට තියෙන ආදරය හා ඒ කෝච්චි සංස්කෘතිය ගැන කෝච්චි ගමන් යන අය ලියන්නට ඕනෑ. ජපානයේ තේ බීමක් විතරක් නෙමෙයි. ඒක වෙන ම සංස්කෘතියක් උත්සවයක්. ලංකාවෙ සංස්කෘතික අලුත්කරණය නොවෙන එක හරි පාඩුවක්. සංස්කෘතිය ඉගෙනගන්න විශ්වවිද්‍යාල අලුත් සංස්කෘතික උත්සව විවිධ ⁣දෑ සඳහා අලුතින් ගොඩනැගිය යුතුයි...


ඉතිං බඹරගේ උදෑසන කෝච්චි ගමනේ කෝච්චි පාර අද්දර මැයි ගහක් මල් කීපයක් අතට අරගෙන හිටියා



ඉතිං කෝච්චිය ගැන පුංචි කවියකුත් ලියන්නට හිතෙනවා..



කෝච්චියෝ මම කෝච්චියො මම පීලි අතර එනවා

හූ සිංදුවෙ අග ඩක ඩක ගාගෙන

මඩකලපුවෙ යනවා

බදුලු ගියපු ඒ මගෙ මල්ලිල දැන්

මිහිදුම් නාමින් පියඹනවා

නුවර පළාතේ කෝච්චි අය්යලා

දළඳා සමිදුන් වැඳ පුද ගන්නවා


මහන්සිදෝ ඔය කෝච්චි අය්යට

අනුරපුරේ කරුණා කරනා විට

ලංකාවේ අපි කෝච්චි අය්යලා

මල්ලිලා එක්කලා ඉගිලෙනවා

හෝව් හෝව් ඔය අලි අය්යලා ඇති

ප්‍රවේසමෙන් මගතොට යනවා


කොල කොඩි වන වන රවුම් අතට දිදි

කෝච්චි මාස්ටර් අපි ගෙනියනවා

සීග්‍රයෙන් අපි හෙමින් උනත් අපි

කඳු හෙල් අතරේ පියඹනවා


කෝච්චියෝ මම කෝච්චියො මම පීලි අතර එනවා

හූ සිංදුවෙ අග ඩක ඩක ගාගෙන

මඩකලපුවෙ යනවා




අලුත් කෝච්චියක දි ඔබ අප හමුවෙන අටියෙන් අදට සමුගන්නවා...



-බඹරා-