මගේ ලේඛන රිද්මය කුමක් දැ යි සිතමින් මෙම පරිච්ඡේදය ලිවීම ආරම්භ කරමි. සාමාන්‍ය ලිවීමක් කළ හැකි පාසල් කාලයේ ඉඳ අවිධිමත් ලිවීමක් කිරීමට නිරන්තර පෙළඹුන මම එම ලේඛනය ඉතා විධිමත් කතාවලින් අවසන් කිරීමට හෝ පරිපූර්ණ කතාවක් කර මුද්‍රණය කරීමේ කිසිඳු අදහසක් වූයේ නොවේ.
ඒත් එක දවසක් ගෙදරට ම වෙලා ඉන්න අපිට බැරි උනා. අම්මාත් තාත්තාත් නැති අතරේ ගේ සමීප මහා කඳුකර වනාන්තරයේ බාඳුරා බැලීමටත් ඒ බාඳුරා නොඉඳුල් අන්දමින් පානය කිරීමටත් ආසාවෙන් අපට වඩා දෙගුණයක් උස ලන්දක් තලව් කරමින් කඳු පේරියක් වෙතට ඇදුනා.
මිත්‍රවරුනි...
පිඹරෙක් ඉන්න තිබුණා
පොළඟෙක් ඉන්න තිබුණා
නයෙක් හෝ පළා පොළඟෙක්
ඒ නැතත් කරවෙලෙක්
අපි තුන් දෙනාගේ ජීවිතේ ගන්න තිබුණා....
ඒ වගේ දින කීයක් පහු උනා ද.
ඉති දෙබස් ලියන්න පටන් ගන්නේ මම මෙහෙමයි.
"සුදු අය්යේ. මෙහෙන් යමු."
මල්ලී ලන්ද අඩු තැනක් පෙන්වයි. අය්යා තලව් කරමින් ඇදෙයි.
බාඳුරා සොයාගන්නට නැත.
මම හෙමින් බාඳුරා තිබූ තැන පාදමින් ගල් බෙයද අය්නට ගියෙමි.
"බලාගෙන. ගල අය්නට යන්ඩෙපා" අය්යා කියන අතර සෙමින් බිම පාදා බලන මට බාඳුරා සම්මුඛ විය.
"මෙන්න තියෙනවා"
මම සන්තෝෂයෙන් කෑ ගැසීමි.