ඔහු සිහිනයෙන්වත් සිතුවා නම් තවදුරටත් විශ්වවිද්‍යාලයේ මේ සිසුවා නවත්වා ගන්නේ නැත.
එහෙත් කන්නෙලියේ සිට පැමිණි මේ සිසුවා සතු ඇවිළෙන කාව්‍යාංකුරය පිළිබඳ ඔහුට ඉව වැටී තිබුණේ ය.
ඇයි විශ්වවිද්‍යාලය දාලා යන්න හදන්නේ. අපි හොයන්නේ ඔයා වගේ ළමයි. මේ විශ්වවිද්‍යාලය අවුරුදු පනහක් විතර බලන් හිටියා ඔයා වගේ ළමයෙක්එනකම්. ආපු ඔයත් යන්න යනවනම් අපි කොහොම ද උල්පතක් තියෙන මිනිහෙක් හදන්නේ.
උල්පතක් නැති උල්පත්මැරුණු මිනිස්සු ඇවිත් මේවයෙ හිටගත්තා. අලුත් දලු එන්නෙ නැති බව දැනගත්ත ම එයාලට ගැළපෙන ගමනක් යන්න කල් මදි උනා. විශ්වවිද්‍යාල අයිති අලුතින් නිර්මාණය වන මිනිසුන්ට.
මොකක් ද මේ වෙලා තියෙන්නේ. ඇයි දලු දාන්නේ නැත්තේ.
ඒක කටු ඔටුන්නක්. ඒකෙන් ගැලවෙන්න බෑ.
කටපාඩමින් මතකයෙන් දිනන ක්‍රමයක් ඇතුලෙ දලු දාන මිනිහා හැමදාම තොළොන්චි වෙලා යනවා.