Friday, June 10, 2022

පුංචි දූ

 

දුව නිදනා විට ගුලි වී

සිහින් කෙඳිරි නගන්නී

අනේ දුවේ හරි වැරදී

ලෝකය මැවු විදි පෙරදී


කුස බුරාන නගින ගිනි

කීතු කපන වේදනාව

ඇයි මට එය ගත නොහැකී

පුංචි දූට බෑ දුක් දී


නිවස පුරා සතුටු සිනා

මසක් පුරා රැව් පිළි දී

දවස් තුනක් නෑ සතුටක්

මුළු පවුලම දුක්මුසු වී