Monday, June 6, 2022

අනේ වසින වැසි මද පොද...රාස්සිගේ අව්ව අස්සෙ

















අව්ව බදාගත් පින්නක්
හැන්දෑවට අරං එන්න 
රිදී ලොවක් සඳ පානක්
හැන්දෑවට වඩමවන්න
  
කඳු පෙනේවි මීදුම්බඩ
යාන්තමට ඉස්සීලා
අහස චූටි රේඛාවක්
කඩ ඉරකින් වෙන්වීලා
 
පහළ නිම්න කඳු මැද්දේ
ගංගාවට උඩින් එන්න
හැමි බිඳකම පිනි පුරෝන
ඉර එළියට කැඩපත් වී
 
අන්න පුළුන් වළා කැටින්
දුම් ගොබයට කැලතෙනවා
රිදී වැස්ස ඉර හඳ වී
හැන්දෑවම එකලු වෙනවා
 
සොඳුරිය ඔබ මින් පෙර දින
දුටුවේ නැහැ වන පියසෙහි
අනේ වසින වැසි මද පොද
දෝතට ගමි සිනා සිසී
x