Monday, June 13, 2022

පළමුවෙන් හිරු දකින මිනිසුන් ය

 


අරුණැල්ල වැටුණේ

පළමුවෙන් උහු මුහුණටයි

උදලු ඔසවා ගසද්දී

කැත්ත ඔසවා ගසද්දී

අරුණැල්ල සිම්බේ එයයි


පළමුවෙන් හිරු දකින මිනිසුන්ය

දිවියට ළඟා වූ මිනිසුන් ය

පොළොව ගහටා

මල්ඵල පැතූ ගොවියන්ය


වියත් ජන සබා මැද

විසල් මන්දිර යාන වාහන

ඔවුන් පිළිකෙව් කරන මිනිසුනි

නිවූ කුසගිනි සදා ණය වන


හිරු සිඹ ගත්ය ඵලවැල

ඔබ වෙතට පත්ය සිසිමය

නිමවා සියලු සාරය

ගයනා ගී තිබේ  නිමවුණ