Sunday, June 12, 2022

ප්‍රබෝධය....උදෑසන අයිතියයි


අරුණ ....අන්න ඉර ගෙනැවිත්

නින්දකින් සුවබරය කය මෙන් ම සිතත්

නිලැති ආකාසය දිලෙයි

විටමින් ඩී උදෑසනකි

ඔව් එහෙම කිව්වාම හොඳයි


ගල්පොතු යායේ ගඟ ගලන හඬ ඇසේ

කඳු මුදුනටත්

නව දවසේ අයිතිය ප්‍රබෝධයටයි

අලුත් දේ පරණ දේ

හරියටම කරන ආරම්භය මෙයයි


සුළඟේ කුඩා කිතියකි

කුඩා කඳු මුදුනේ

මේ සමනල කඳු වැටියේ


කාලයක් පුරා වැසි වැටී

උල්පත් සශ්‍රීක වී තිබේ

දිය උනන නිල තිබේ

බොහෝ ඇල දොළ පුරා


ප්‍රබෝධමත් මහ කිවිඳ

ඔබට ලිවිය හැකි සුන්දර කාලයයි

එම ඵලය ලැබගන්න

ප්‍රබෝධමත්ය....මේ උදෑසනේ අයිතියයි