Monday, June 6, 2022

වරෙං අර්බුදේ....ගෙට ගත් වී තිබේ



තලා පෙළා සැර වැර කර ගත් පොළියෙන්

මහන්සියෙන් හෝ ඉතුරුව ගත් මුදලින්

අනේ ගොඩගහන් වී මලු හිටි අඩියෙන්

වරෙං අර්බුදේ කියමින් සතුටු සිතිං


තියෙන වී ටිකත් උඹලා ගනිද්දී

පොලුත් හාල් වැඩි වැඩිපුර පුරද්දී

එදා වේල කන මිනිසුන් නැසෙද්දී

අනේ උඹලගෙත් නෑ වෙනසක් මැරෙද්දී


ඇත්ත බං ළමයි බඩගිනි කියද්දී

කොහොම මං අපිත් ඉන්න ද අඩද්දී

අලත් බතල වැල් ටිකවත් හාරද්දී

අනේ මැණික් වාගෙයි ඉඳිද්දී