Wednesday, June 8, 2022

මඩක ඔබලා මියැදුවේ දුව...නෙළුම් මල වී පිපෙන්නද



කුඩා දියණිය ඔබෙි ලෝකෙට

පුංචි හඳ එළි වැටෙනවා

මල් රුවින් ලොව නහව නහවා

සිඟිති මල් පොඩි පිපෙනවා

ශ්වේත දත් රුදු විළිස්සාලා

ඩ්‍රැක්‍යුලා ඔය ඇදෙනවා

මඩ කලල් පිරි අඳුරු කැලයෙන්

රක්ත රුධිරය ගලනවා


මඩක ඔබලා මියැදුවේ දුව

නෙළුම් මල වී පිපෙන්නද 

එමඩ ගොහොරුව ගිලින විට ඔබ

අහෝ යයි ලොව කිව්වද

කදුලු උරුමය පාපතර රට

මජර තරගෙක දුව දුව

වේදනා පිරි රටක් මැව්වෙ

සත්ව මළකුණු බුදිමින


ලංකාව නම් දියණියත් උන්

සදාකාලෙට කෙළෙස දැමුවා

මුලාදෑණිව අයිති කරගෙන

ණයට සින්නව විකුණ දැමුවා

ගැඹුරු දැනුමැති ලෝකයෙන් දුර

පාපතර පුස් රටක් හැදුවා

ඉරා හප කර කඩා ලේ මස

අනේ දියණිව මරා දැමුවා