Thursday, June 2, 2022

කලබල නොවෙමි

 මේ ඉක්මන දිහා බලමින් 

වී ගොඩගහන්න

කලබල නොවෙමි

පුංචි කොරටුවක

අල බතල ටික ඉන්දමි

එහා ගෙට මෙහා ගෙට

දෙන්න ඇති වෙන්නටත්


හදිසියේ කලබලේ අරගල කරන විට

ඉක්මන් ගමන් ඇයි සිතින් විමසමි

මෙවන් දේ හුග කලින් කී දවස

සිනාසුනු උන් වී ගෝනි පොදි ගසති


මේ අර්බුදය නොවේ ....මම සිතින් විමසමි

ඉතින් කලබල නොවෙමි

අරගලය මා සමග මම තවම සටනක්මි

ඊයේ පෙරේදා ඇරඹුණේ නැති හැඩකි


අරගලය අර්බුදය ඇරඹිලා නැති බවකි

ඊයේ පෙරෙදත් හොරකම්ම සිදු වෙමිනි

අහළටත් පහළටත් බතල දඩු බෙදා දෙමි

දුර මෙන්ම ළඟත් දැන් දැකිය යුතු බව දනිමි