Monday, June 13, 2022

විහිලුවක් එහෙමත් කළ යුතු ම නොවෙදෝ

 


අපේ පෙම් කතාවේ

හවසට තේ බොනකොට

පහළ නිම්නයක් 

පේනවා නේද


විරිතක් තාලයක් නැති

මගෙ වැරදි සිංදුවට

තාලෙ දෙනවා නේද


සීරියස් කතා මැද

විහිලුවක් එහෙමත්

අපිත් කළ යුතු නේද


තණ පලස වැතිරගත්

කඳු පාර වෙතට විත්

පහළ සානුව පුරා

හිත යවනවා නේද


එහෙම අහසක්  තියෙන 

පෙම් කතාවේ අපිත්

පුංචි පෙම් යුවළක්ව

හිනාවෙනවා නේද