Tuesday, June 14, 2022

කහට මුට්ටිය

 


තේ වතු යාය මැද

තේ මුට්ටිය පැසේ

හතර කොනින් එන සුළඟින්

ගිනි දලු හැම මැවේ


ගිනි දලු මැද තේ දලු රස

කහට බොන්න පුතේ

තේ දලු මඩි බිම තියලා

පැලට එන්න දුවේ


දුම් දමමින් පැල වටකර

කහට බොන්න වෙලාවයි

පැල පැත්තෙන් දුම් නගිනා

විටම තිබහ ගොඩයි


පොඩි දලු මඩි ලොකු දලු මඩි

එකතු කරන් පැලට එන්න

තේ කුඩු ටික පැසවාලා

කහට බොන්න වෙලා පැමිණ