Saturday, June 4, 2022

නිම්නය ළඟදි....මගේ සිත නැවතුනා

 ඇවතුම් ද පැවතුම් ද සිසිරයේ

ගෙන රැගෙන හමායන නිම්නයේ

මගේ සිත මගේ ලොව 

නැවතුනා නිම්නයේ


එති එතී  ගලන ඔය නිල දිලී

කව්ද නවතා වැව් බැඳී

රමණීය බව වැඩිය පුන් නදී

සුන්දරය ලෝකයේ නිල් නදී


යායට යායෙන් ගස් වැල් ඇදෙමින්

බිම් පස තණ පලසින් වසමින්

නෙත්  සිත් මල් පුබුදා තබමින්

නිම්නය හැමදා මා පුබුදා ලන්