අවරදිග සන්ධ්‍යාව ඔබේ තුරුලට එමි මම
අරුණෝදය වේය කලබල
දහසක් වැඩ ය
රත් පැහැ ගති ...පතුරුවා දසත ගිනි එළි
සන්ධ්‍යාව ඔබ
මේ නිවීමේ ආරම්භය වේය
හාත්පස භූමිබාගයේ සිට
අවරදිගට මා නික්මෙන
ගමන් මලු පවා අතැරය
උඩට නැගුණේ මා
බුමුතුරුණු සේ දිළෙන
හිරු එළි වැටී ගස් වැල
කඳුවැටි දිගට දිගු වේ
රත් පැහැ ගතී සත්තට
සද්දන්තයෝ සිය හොඬවැල නගා
කුඤ්චනාද ලන්නාහ
ගීතවත් ගිරා හීයක වේගෙන්
මගේ දෑස් ඉදිරියේ
අහස බෙදන්නාහ
අවරදිග සන්ධ්‍යාවේ
ශ්වේතය ඒ පක්ෂීහු රෑන
කෙත් වතුවලින් මිදී යන්නාහ
කොහේ හෝ යන්නෙය
මිත්‍ර මා අවරදිග
ඔබ වෙතට ආ මිනිසෙක් වෙමි
නැත ගමන් ආපසු