Saturday, June 4, 2022

අකුරු සියතට ගන්න....සිතිවිලිවලින් ඇමතුමක්

සිනාසෙන කවියක් අතින් අරගෙන පාර පැනපන් නගරයේ

කඩාගෙන යන මහා වාහන නතර නොකරයි මර ගොසේ

අනේ හෙමිහිට දකුණ වම දැක නෙ⁣ාරැවටීනම් මාවතේ

අකුරු සියතට ගන්න පෙම්වත සිතිවිලිය විමසයි කවි පොතේ


හරිත දලු මත උදේ ඇවිදින සිතක් ඇවිදින් අලුයමේ

රැයේ දුටු සිහිනයක් මැවිලලු පහළ වෙල්බඩග ගම්පෙතේ

උදලු තල හා නගුල් ලෙළවන ගොවි පුතෙක් නෑ නිම්නයේ

අනේ බිජු ඇති පැළව නැගුමට සී සාන්නට එනු මැනේ