Thursday, June 9, 2022

ඈ දුරක....ඒකයි මේ ශෝකය




මේ රටේ දුර තැනක ඈ වෙසෙනවා මිතුර

සුවඳ හෝ රුවක්වත් නොමැත්තේ හිතසුවක

කඳුකරේ සීතලේ පාලුවට කවි ලියන

සබරගමු කුරුල්ලා මමය තනියම හිඳින


ගඟ ගලයි කඳු පහළ අහස කලුවර රැයෙක

හෝ හඬකි තනි මගක ගලන්නේ ඔය ගඟුල

වැසි නිතර වසීවා කියා පැතුවත් ඇයද

සීතලත් පාලුවත් බිඳින ඈ දුරු ගමක


කවි පොතක් කතාවක් තුරුලතට ගත් තරුණ

පෙම්වතෙක් ඉන්න බව දන්නවද ඒ සොඳුර

හිත පුරා අනාගත සිහිනයේ කිරුළ ගෙන

පළඳවා හැඩ බලන දිනක් පැමිණේ දුරක