කිසිඳු දිනයක සුවඳ විලවුන්
නොගැටුණු බිමකි රුක්ෂස
මමිතර පතුරුවා සුවඳ පස
හඳ එළිය හා සමග
රෑ කුමාරි මල් එහෙමය
උහුලා ගත නොහැකි තරමට
පතුරන්නීය සුවඳ පස
ඒත් මේ පසළොස්වක් පොහොය දවසය
වටකුරුව පූර්ණව පායා තිබේ සඳකත
ගෙට නොයා රැකගනිමි සඳය මේ වැගිරෙන
කඳු පුරා තාවරව සිටින සුදු එළිය මැද
කවි බසයි මමයි දැන් පැටලිලා දස අතක